Sinhala

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට (SMIB)  නව සභාපතිවරයෙකු පත් කෙරේ.
Sinhala

රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවට (SMIB) නව සභාපතිවරයෙකු පත් කෙරේ.

දශක නවයකටත් වඩා දිගු ඉතිහාසයක් පුරාවට ශ්‍රී ලාංකික ජනතාවගේ  සහ ව්‍යාපාරවල මූල්‍ය අවශ්‍යතා සඳහා නිරතුරුවම විශ්වසනීයත්වය සහ සුරක්ෂිත සේවාවක් තහවුරු කළ  රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත බලපත්‍රලාභි සුවිශේෂී  මූල්‍ය ආයතනයක් වන රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුවේ  (SMIB)  නව සභාපතිධූරය සඳහා ජෝශප් සූසයිතාසන් මහතා පත් වී ඇත. SMIB බැංකුව තීරණාත්මක මොහොතකදී මෙම නව පත්වීම සඳහා එළඹ ඇත්තේ   සිය ශාඛා ජාලය සහ ඩිජිටල් හැකියාවන් තවදුරටත් වැඩි දියුණු කිරිම මෙන්ම විවිධ පාරිභෝගික අවශ්‍යතා සමඟ ගැළපෙන පරිදි සකස් කළ මුල්‍ය සේවාවක් සැපයීම අරමුණු කර ගනිමිනි. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සාමාන්‍යාධිකාරී තුෂාර අසුරමාන්න මහතා නව සභාපතිවරයාගේ පත්වීම පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. “අපගේ නව සභාපතිවරයා ලෙස සූසයිතාසන් මහතා , අපගේ බැංකුවේ දිශානතිය මෙහෙයවීමට මෙන්ම සහයෝගීතාවය, නවෝත්පාදනය...